Offgrid Solar setup කරන්න ඉන්න ගොඩක් අයට තියෙන ප්‍රශ්නයක් තමයි Hybrid Inverter එකක් ගන්නවද නැතිනම් Charge Controller එකක් සහ Normal Inverter එකක් ගන්නවද කියන එක. මෙම ක්‍රම දෙකෙහි වාසි අවාසි ඇති අතර තමන්ගේ දැනුම සහ budget එක මත තමන්ට ගැලපෙන system එක තෝරා ගත යුතුය.

𝗡𝗼𝗿𝗺𝗮𝗹 𝗜𝗻𝘃𝗲𝗿𝘁𝗲𝗿 + 𝗖𝗵𝗮𝗿𝗴𝗲 𝗖𝗼𝗻𝘁𝗿𝗼𝗹𝗹𝗲𝗿


වාසි:

  1. සාපේක්ෂව මිල අඩු වන අතර limited budget එකකින් කරන්න පුළුවන්.
  2. දෝෂයක් සිදු වුවහොත් කොටස් වශයෙන් repair කළ හැකි බැවින් අවදානම අඩුයි .

අවාසි:

  1. Inverter, charge controller තමන් විසින් නිසි පරිදි සවිකර ගත යුතු අතර ඒ සඳහා මූලික Electrical knowledge එකක් අවශ්‍ය වේ.
  2. තමන් විසින් නියමිත Current සහ voltage අගයන් calculate කරගත යුතුය.
  3. Monitoring සහ data-collection තරම්ක් අසීරු වන අතර ඒ සඳහා වෙනත් උපකරණ භාවිත කිරීීමට සිදුවේ.
  4. Efficiency එක තරමක් අඩුවිය හැකියි.
  5. Battery-less operate කිරීමට අපහසුයි.

𝗪𝗵𝗲𝗿𝗲 𝘁𝗼 𝗯𝘂𝘆




Other Brands -







Charge Controller වල ප්‍රධාන ආකාර දෙකක් තියෙනවා.( PWM සහ MPPT ).MPPT මොඩල් එකේ PWM මොඩල් එකට වැඩිය efficiency එක වැඩි. Cost එකත් වැඩි. ✔ MPPT Charge Controllers
MakeSkyBlue - Buy Now on Aliexpress












✔ PWM charge Controllers ගොඩක් ලංකාවේ අඩු මුදලට ගන්න තියෙනවා.

𝗛𝘆𝗯𝗿𝗶𝗱 𝗜𝗻𝘃𝗲𝗿𝘁𝗲𝗿



වාසි:

  1. Solar වලටම target කරල හදපු device එකක් හින්දා භාවිතයට පහසුයි සහ පිළිවෙලයි.
  2. Hybrid inverter විදුලිය විසන්ධි වූ විටදී ස්වයංක්‍රීයව Start වෙන බැවින් අමතර ATS අවශ්‍ය නොවේ.
  3. Charge Controller, inverter සහ සියලුම කොටස් single unit එකක ඇති බැවින් efficiency එක සාපේක්ෂව වැඩි.
  4. බොහෝ High-PV hybrid Inverters, battery-less operate කළ හැකිය.
  5. Solar charging සහ AC charging දෙවිදියටම බැටරිය charge කළ හැකිය.
  6. බොහෝ Hybrid inverter වල Data Monitoring සහ data collection පහසුකම් සහිතයි.

අවාසි:

  1. සාපේක්ෂව මිල තරමක් ඉහළ වේ.
  2. දෝෂයක් ඇති වුවහොත් replacement cost එක තරමක් ඉහළ වන අතර කොටස් වශයෙන් repair කළ නොහැක.

𝗪𝗵𝗲𝗿𝗲 𝘁𝗼 𝗯𝘂𝘆




➧ Growatt - Buy Now on Aliexpress