Solar පද්ධතියක් සැකසීමේ දී වැදගත්ම තීරණයක් වන්නේ කුමන ආකාරයෙන් පද්ධතියක් සකස් කරන්නේද යන්න. සෝලා පද්ධතිය ප්රධාන වශයෙන් ආකාර තුනක් ඇත. මුලින්ම මේ පද්ධති මොනවාද යන්න සහ ඒවාගේ වාසි අවාසි සල්කා බලමු.

ජාතික පද්ධතියට සම්බන්ධ පද්ධති (𝙂𝙧𝙞𝙙 𝙏𝙞𝙚 𝙎𝙤𝙡𝙖𝙧)



ජාතික විදුලි බල පද්ධතියට සම්බන්ධ වී ඇති මෙම පද්ධති ප්රධාන ආකාර තුනක් පවතී.
  1. Net Accounting
  2. Net Metering
  3. Net plus
ඉහත සියලුම පද්ධති හරහා ඔබට, ඔබගේ Solar panels වලිනි නිපදවන විදුලිය ජාතික ජාලයට ලබාදී මුදල් උපයා ගත හැකිය.
මෙම පද්ධති ඉදිකිරීමට පෙර අවසර ලබා ගත යුතු අතර සුනිත්ය බලශක්ති අධිකාරියේ අවසරලත් ආයතන වලට පමණක් ඉදි කළ හැකිය.
මෙමගින් ආදායම්ක් ලබා ලබා ගැනීමට හැකියාවක් පැවතුනද මෙහි ඇති අවාසි නම් විදුලිය විසන්ධි වූ අවස්ථාවලදී පද්ධතිය අක්රිය වීමයි.

ජාතික පද්ධතියට සම්බන්ධ නොකරන සූර්ය පද්ධති ( 𝙊𝙛𝙛 𝙂𝙧𝙞𝙙 𝙎𝙤𝙡𝙖𝙧 𝙎𝙮𝙨𝙩𝙚𝙢 )



ජාතික විදුලි බල පද්ධතියට සම්බන්ධතාවක් නොමැතිව තමන්ගේ පෞද්ගලික විදුලි අවශ්යතාවය සපුරා ගැනීමට පමණක් සරිලන පරිදි මෙම පද්ධති සවිකර ගනු ලබයි.
එහිදී සූර්ය පැනල හරහා නිපදවන විදුලිය බැටරි පද්ධතියක ගබඩා කරගනු ලබන බැවින්, විදුලිය විසන්ධි වී ඇති අවස්ථාවන් වලද, තමන්ගේ විදුලි අවශ්යතාවය ඒ හරහා සපුරා ගැනීමේ හැකියාව පවතී.
එසේම ඉදිරියේදී අඛණ්ඩව විදුලිය සපයන කාලයන් වල වුව, දවසේ වැඩිම විදුලි ඉල්ලුම පවතින කාල සීමාවේදී ( Peak hours) ජාතික පද්ධතියෙන් ඉවත් වී අධික පිරිවැයක් දරා නිපදවන විදුලිය පරිභෝජනයෙන් වැළකීමටද ඔබට පුළුවන. එය ජාතික වශයෙන් ඔබ විසින් සිදු කරනු ලබන වටිනා ක්රියාවකි.
තවද ඔබගේ නිවසේ සාමාන්ය තෝරාගත් අවශ්යතාවයන් සඳහා කුඩා ප්රමාණයේ සූර්ය පැනල සවිකර ගැනීමෙන්ද, නිවසේ විදුලි බිල අඩුකර ගත හැකි අතර ජාතික පද්ධතියේ ඉල්ලුම අඩු කරවීමටද දායක විය හැකිය.
උදාහරණයක් ලෙස වතුර උණු කිරීමේ උපකරණ කුඩා සූර්ය පැනලයක් හරහා ක්රියා කරවා ගත හැක. එමෙන්ම එළිමහන් විදුලි බල්බ සඳහාද ඉතාමත් පහසුවෙන් මේ ක්රමය යොදා ගත හැකිය.

OFF GRID පද්ධතියක් මගින් ලැබෙන ප්රතිලාභ
  • අඩු ඉඩකඩක් අවශ්ය වීම.
  • ජාතික පද්ධතියෙන් යැපීමකින් තොරව භාවිතා කල හැකි වීම
  • පුනර්ජනනීය බලශක්ති ප්රභවයක් භාවිතා කිරීම.
  • විදුලි කැපීම් වලින් බලපෑමක් සිදු නොවීම.
  • CEB / LECO වල අවසර පැතීම් අවශ්ය නොවීම.
  • විදුලි බිල අඩු වීම හෝ 0 වීම.
  • නඩත්තුව පහසු වීම

𝙃𝙮𝙗𝙧𝙞𝙙 𝙎𝙮𝙨𝙩𝙚𝙢𝙨
මම ආකාරය ඉහත පද්ධති දෙකෙහි එකතුවක් වන අතර මේ සඳහාද අවසර ලබාගගත යුතුය.